27 C
Colombo
19/01/2025

අනුර ලංකාවට ඇවිත් ඉන්දියාවේ සංචාරය ගැන කියපු දේ

Share with your friends :

ඉන්දියාවේ සංචාරයක නිරතවූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

එහිදී ඔහු පැවසුවේ,

“මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබෙනවා. ඒ තුළින් විශාල පරිවර්තනයක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාව. ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි.”

අපි රටකට යාම,රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ පැවැසීය ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවෙයි.

අප රටේ ආර්ථිකය කඩා වැටීම , දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා ජන්ද කල් දැමීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා කාරණයක් , කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතුයි. එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වෙනවා.

ඉන්දීය රජය සමග එකගතා , පොරොන්දු රජයන් අතර සිදු වෙනවා , අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ යුතුයි.
ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සිය සංචාරය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම්දෙන බවය.

Share with your friends :