27 C
Colombo
18/01/2025

වැඩ පෙන්නන්නට ගොස් ගෙල සිඳගත් හමුදා ලොක්කා

Share with your friends :

යුක්රේනයේ හමුදා ප්‍රධානියා වන ජෙනරල් Valerii Zaluzhnyi තනතුරින් ඉවත් කර තිබේ.
එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් මෙම තීරණය ගෙන ඇත.
යුක්රේනය අවි ආයුධ සහ මිනිස් බලය යන දෙකෙහිම හිඟයකට මුහුණ දෙමින් සිටී.

2021 වසරේ ජුනි මාසයේ සිට යුක්‍රේන හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් Valerii Zaluzhnyi සහ ජනාධිපතිවරයා අතර මාස කිහිපයක සිට ප්‍රතිවාදි මත පැවතුණි.

හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වුයේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වන බවය.

නමුත් ජනාධිපති සෙලෙන්ස්කිට රුසියානු භුමිය වෙත පහරදීමේ අවශ්‍යතාවක් මතුවු අතර මෙම තත්ත්වය මත දෙපාර්ශ්වය අතර විරසකභාවය හටගෙන තිබුණි.

ඒ අනුව හමුදා ප්‍රධානියා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ධුරයෙන් ඉවත් කර ඇති අතර එම ධුරය සඳහා යුක්‍රේන පාබල හමුදා ප්‍රධානී ඔලේක්සැන්ඩර් සිර්ස්කි පත් කිරීමට නියමිතය.

ජනරාල් Valerii Zaluzhnyi යුක්‍රේනයේ ජනප්‍රියතම පුද්ගලයා ලෙස ද සැලකෙන අතර ඔහුගේ ඉවත් කිරිම හේතුවෙන් යුක්‍රේන වැසියන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව එරට විපක්ෂය ප්‍රකාශ කර ඇත.Valerii Zaluzhnyi ගේ මෙම ජනප්‍රියතාවය ඔහු ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව ලෙස සැලකේ.

Share with your friends :