27 C
Colombo
18/01/2025

රුසියාවේ පුටීන් හොඳටම බයවුණු හේතුව

Share with your friends :

රුසියාවේ ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ජනාධිපති පුටීන්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වුණු බොරිස් නඩේෂ්ඩින්ගේ අපේක්ෂකත්වය රුසියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නඩේෂ්ඩින් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් පුටින්ව දැඩි විවේචනයට ලක්කල පුද්ගලයෙකි.මැතිවරණ බලධාරීන් කියා සිටියේ ඔහු සිය අපේක්ෂක අයදුම්පත සමඟ ඉදිරිපත් කළ අත්සන්වලින් 15%කට වඩා දෝෂ සහිත බවයි.ඔහු මෙය අභියෝගයට ලක් කිරීමට උත්සාහ කළ නමුත් කොමිසම ඔහුගේ විරෝධය ප්‍රතික්ෂේප කළේය.
මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රතික්ෂේප කරමින්, 60 හැවිරිදි නඩෙෂ්ඩින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ තමන් එම තීරණය රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන බවයි.
මධ්‍යම මැතිවරණ කොමිසම පැවසුවේ නඩේෂ්ඩින් විසින් ඉදිරිපත් කරන ලද අත්සන් 105,000 න් 9,000 කට වඩා වලංගු නොවන බවත් ඔවුන් විවිධ උල්ලංඝනය කිරීම් උපුටා දක්වන බවත්ය.එයින් 95,587 ක් ඉතිරි වූ අතර, එයින් අදහස් වන්නේ අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය අත්සන් 100,000 ට ඔහු මඳක් අඩු බව කොමිසමේ සාමාජික Andrei Shutov පැවසීය.
රුසියාවේ ජනාධිපතිවරනය මාර්තු 15-17 දක්වා පැවැත්වීමට නියමිතය.
මැතිවරණයට සහභාගී විය හැක්කේ කාටද යන්න පිළිබඳව අවසන් තීරණයක් සෙනසුරාදා පැමිණෙනු ඇති නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිනිය පැවසුවේ ඡන්දය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු සිටින බවයි.
ව්ලැඩිමීර් පුටින් හැර, ජාතිකවාදී නායක ලියොනිඩ් ස්ලට්ස්කි, පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් සහ කොමියුනිස්ට්වාදී නිකොලායි කරිටොනොව් මේ පිරිසවේ.ඔවුන්ගේ සියලුම පක්ෂ ක්‍රෙම්ලිනයේ ප්‍රතිපත්තිවලට අනුකූලය. එසේම ඔවුන් පුටීන්ගේ හිතවතුන්ය. ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකු සැබෑ අභියෝගකරුවෙකු ලෙස නොසැලකෙනා අතර තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කරමින් පුටීන් මෙවරද ජයග්‍රහණය සඳහා සුදානම්වේ.

Share with your friends :