27 C
Colombo
19/10/2024

ධනවත්ද -බලවත්ද – ධනය නිසා බලවත්ද? ලොව හොල්ලන දස දෙනා මෙන්න

Share with your friends :

ලොව බලවත්ම පුද්ගලයන් ලෙස ඇතැමුන් සිතන්නේ කාන්තාවන් ය. ඒ අතරිනුත් මේ අය තවත් විශේෂිතය. ඒ ධනවත් බව නිසාය.
ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
එහි පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රංශ ජාතික ලෝප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන Oréal නිර්මාතෘවරයාගේ මිණිබිරිය වීම විශේෂත්වයකි.
ප්‍රංශ ජාතික Francoise Bettencourt Meyers නම් ඇයගේ ශුද්ධ වත්තකම අමෙරිකානු ඩොලර් බිලියන 99.5ක් ලෙස සටහන්ව තිබේ.

Francoise Bettencourt Meyers මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවෙයි.

එහි දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ අමෙරිකානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන 74 හැවිරිදි වියේ පසුවන Alice Walton විසින්.

ඇයගේ ශුද්ධ වත්කම ලෙස සඳහන් ව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 64.8ක් ලෙසටය.

අමෙරිකානු ඩොලර් බිලියන 60.1ක් හිමිකරගෙන සිටින 62 හැවිරිදි Julia Koch නමැති කාන්තාව එම ලැයිස්තුවේ 3 වන ස්ථානය හිමිකරගෙන සිටියි.

ඩොලර් බිලියන 39.8ක් හිමිකරගෙන සිටින අමෙරිකානු ජාතික 84 හැවිරිදි වියේ පසුවන Jacqueline Mars එම ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත්ව තිබේ.

මේ අතර Amazon නිර්මාතෘ Jeff Bezosගේ දික්කසාද බිරිඳ වන 53හැවිරිදි වියේ පසුවන Mackenzie Scott ඩොලර් බිලියන 34.5 ක් හිමිකරගෙන එහි 5 වන ස්ථානයට එළැඹ ඇත.

ජීවිතක්ෂයට පත්වූ අමෙරිකානු කැසිනෝ සමාගමක හිමිකරුගේ බිරිඳ වන 78 හැවිරිදි වියේ පසුවන Miriam Adelson ඩොලර් බිලියන 33.8ක ධනයක් තමන් සතු කරගනිමින් ලොව ධනවත්ම කාන්තාවන් අතර 6 වන ස්ථානයට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන 69 හවිරිදි වියේ පසුවන Gina Rinehart එම ලැයිස්තුවේ 7 වන ස්ථානය හිමිකගෙන ඇත්තේ ඩොලර් බිලියන 30.2ක ධනයක් තමන් සතු කරගිනිමින්.

ලොව ජනප්‍රිය නැව් සමාගමක හිමිකාරිණිය වන 78 හැවිරිදි වියේ පසුවන ඊශ්‍රායලයේ සම්බවයක් ඇති Rafaela Aponte-Diamant ඩොලර් බිලියන 30ක ධනයක් තමන් සතු කරගිනිමින් මෙම ලැයිස්තුවේ 8 වන ස්ථානයේ රැඳී සිටී.

එසේම ලොව ධනවත්ම කාන්තාවන් අතර 9 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉන්දීය කාන්තාවකි.

83 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ව්‍යාපාරික කාන්තාවක් වන Savitri Jindal ඩොලර් බිලියන 29.4ක ධනයක් හිමිකරගෙන තිබේ.

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා අතර සිටින අවසාන කාන්තාව ද අමෙරිකානු ජාතික කාන්තාවකි.

ඩොලර් බිලියන 28.6ක වත්කමක් හිමිකරගෙන ඇති 62 හැවිරිදි වියේ පසුවන Abigail Johnson එහි 10 වන ස්ථානයේ රැඳී සිටී.

Share with your friends :