27 C
Colombo
19/01/2025

ආණ්ඩුවට ජනතාව ගැන දුක හිතෙයි! ඉහළ දැමූ දීමනාව හිමි වෙන්නේ මෙහෙමයි

Share with your friends :

අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නැංවීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

මසකට රුපියල් 5000 ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වාද රුපියල් 2000 ක්ව පැවතී වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වාද ඉහළ නැංවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස පළවෙනි දින සිට හිමිවේ.

මේ අතර දීමනා ලබාදීම මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රතිලාභීන්ට මේ වසර අවසන් වන තෙක්ම එම දීමනා ගෙවන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරියේදී අවදානමට ලක් වූ පවුල් ලක්ෂ අටකට රුපියල් 5000 බැගින් දීමනා ගෙවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share with your friends :