27 C
Colombo
24/11/2024

නිදාසිටි මවට වින කළ අපරාධකරුගේ සිරුර ගසක එල්ලෙයි

Share with your friends :

දෙදරු මවක් කපා කොටා ඝාතනය කර ඇති පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ සූරියවැව බැද්දෙවැව බටහිර පෝල්පහ ප්‍රදේශයේ පදිංචි සුරංගිකා නදීශානී නමැති 38 හැවිරිදි කාන්තාවක්.

ඇය නිදි ඇඳ මතදීම තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සූරියවැව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනියම් සබඳතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි.

පසුගිය 05 වැනි දා අපරාධය සිදුව ඇති අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණ යි.

එදින සවස 4.30ට පමණ ඇය නිවසේ නිදාගෙන සිට ඇති අතර එම අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති එම ප්‍රදේශයේම පදිංචි මියගිය කාන්තාව සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ඝාතනය සිදු කළ පුද්ගලයා අපරාධය සිදු කිරීමෙන් පසු සූරියවැව පොලිසියට දුරකතන ඇමතුමක්ද ලබා දී තමා විසින් අදාළ කාන්තාව ඝාතනය කළ බව ද පවසා තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ දෙදෙනා අතර පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුව වන්නට ඇති බවයි.

මේ අතර ඝාතනය සිදු කළ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (07) සූරියවැව බැද්දෙවැව විහාරස්ථානය ආසන්න ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

ඒ ඔහු ගසක ගෙළ වැළලාගෙන මියගොස් සිටියදීයි.

මියගිය දෙදරු මවගේ අනියම් සැමියා වන මොහු සූරියවැව බැද්දේවැව පෝල්පහ ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදීප් අනුරාධ නමැති 39 හැවිරිදි තිදරු පියෙක්. ‍

තමා සිදු කළ අපරාධය සම්බන්ධව පොලීසියට ඇමතුමක් දීමෙන් අනතුරුව ඔහු පළා ගොස් සිට ඇති බවත්, ඔහු සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වෙමින් තිබියදී මෙලෙස ඔහුගේ සිරුර හමු වූ බවත් පොලීසිය පවසනවා.

සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කැඳවා තිබූ අතර එම නිලධාරීන්ද පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූවා.

සූරිය වැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


සබැඳි පුවත් > > >


Share with your friends :