පුටුව ලකුණ හිමි පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවන නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ එම පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා රැස්වූ විධායක මණ්ඩලය විසින්.
පැවැත්වීමට නියමිත මැතිවණවලට තරග කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේවන විට සිදු වෙමින් පවතිනවා.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලයක් ලබන 22 වැනි දා පත්කිරීමට විධායක සභාව තීරණය කර ඇති බව යි වැඩිදුරටත් වාර්තා වූයේ.