වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම රෝහලේ ම රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීම පිළිබඳ මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
ඉකුත් 07 වැනි දින පස්වරුවේ ලද පැමිණිල්ලක් මත අරණායක පොලීසිය මෙම විමර්ශනය ආරම්භ තිබේ.
රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියගේ රහස් පෙදෙස බලහත්කාරයෙන් ඇත ගෑම සම්බන්ධයෙන් සිය මව්පියන් දැනුම්වත් කිරීමෙන් අනතුරු ව කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත අදාළ වෛද්‍යවරිය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.