27 C
Colombo
18/01/2025

සනත් නිශාන්තගේ මරණය ගැන සැකයක් – CIDය බිරිඳ වෙත එයි

Share with your friends :

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි පෙරේරා මහත්මිය පවසනවා.

ඇය මේ බව පවසා ඇත්තේ අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින්.

මෙම රිය අනතුර සහ සිය සැමියාගේ මරණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර ඇති බව යි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇය මේවන විට රැඳී සිටින නිවසට පැමිණ ඇයගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇති බව සඳහන්.

සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවසා ඇත්තේ අදාළ රිය අනතුර ආකාරය පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ රිය පැදවූ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැති රියදුරුගේ හැසිරීම් සම්බන්ධව යම් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව යි.

ඒ අනුව සිය සැමියාගේ මරණය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස යි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළ දී පසුගිය 25 වැනි දා සිදු වූ රිය අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ අතර පසුව රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ රියදුරුගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

ඒ රිය අනතුරට පෙර ඔහුගේ වට්ස්ඇප් ගිණුමෙහි පළ කර තිබූ මරණය ගැන කියවෙන සටහනක් හේතුවෙන්.


සබැඳි පුවත් > > >


Share with your friends :