27 C
Colombo
18/01/2025

සනත් නිශාන්තගේ රියදුරුට අධිකරණයෙන් නියෝගයක්

Share with your friends :

සනත් නිශාන්ත අමාත්‍යවරයාට මරු කැඳවූ රිය අනතුර සිදු වූ අවස්ථාවේ දී අමාත්‍යවරයාගේ රථය ධාවනය කළ රියදුරු වූ ප්‍රභාත් එරංග මහතා ඇප මත මුදාහරින ලෙස ඊයේ (05) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියෝග කළා.

අධිකරණය නියම කළේ රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙස යි.

එමෙන්ම ඔහුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කළා.

මෙම අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මරණයට පත්වූවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරු රාගම රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටි අතර පසුව සිද්ධිය සම්බන්ධව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.


සබැඳි පුවත් > > >


Share with your friends :