27 C
Colombo
18/01/2025

“කොවිඩ් වගේ 20 ගුණයක් දරුණුයි” – මීලඟ වසංගතයට WHO සූදානම්

Share with your friends :

කොවිඩ් – 19 වසංගතයට වඩා දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දීමට ඉදිරියේ දී ලෝකයට සිදුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කරනවා.

නුදුරු අනාගතයේ දී ලෝකයට බලපෑ හැකි මෙම වසංගතය කොවිඩ් වසංගතය මෙන් 20 ගුණයක් පමණ දරුණු වනු ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

මෙම අනතුරු ඇඟවීම සිදු වූයේ ලෝක ආර්ථික සමුළුව අතරතුර යි.

විද්‍යාඥයින් මෙම උපකල්පිත නව වසංගත තත්ත්වය මේවන විට හඳුන්වන්නේ “X රෝගය” යන නමින්.

එය කොවිඩ් රෝගය මෙන්ම ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරවන වෛරසයක් විය හැකි බවට යි ඔවුන් අනුමාන කරන්නේ.

මෙම X රෝගය, දැනට හඳුනාගෙන ඇති රෝගයක් වැඩිදුරටත් පැතිරීම වෙනුවට බොහෝ දුරට නොදන්නා අලුත් රෝග කාරකයක ප්‍රතිඵලයක් ලෙස එය පැමිණිය හැකි බවට ඔවුහු අනතුරු අඟවනවා.

මෙම තත්ත්වයත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් රටවල් අතර රෝග නිවාරණ සහ මර්දන තාක්‍ෂණය බෙදාහදා ගැනීමට සහ රෝග පිළිබඳ නිරීක්ෂණ ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයන් ඇතුළුව අනාගත වසංගතයකින් ආරක්ෂා වීමට යම් යම් මුලපිරීම් ද ආරම්භ කර තිබෙනවා.

Share with your friends :