27 C
Colombo
18/01/2025

මෙරට දරුවන් ගැන දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් – භයානක දත්ත වාර්තා මෙන්න

Share with your friends :

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා  රෝග  විශේෂඥ  වෛද්‍ය  දීපාල් පෙරේරා මහතා මෙරට දරුවන් පිළිබඳව භයානක අනාවරණයක් සිදුකරනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයට සාපේක්ෂව මේවන විට මෙරට තුළ ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බවට අනාවරණය වී ඇති බව යි.

මීට   වසර   කීපයකට   පෙර   වාර්ෂිකව වාර්තා වන ළමා පිළිකා රෝගීන් ගණන  500ක් පමණ වූ බව ඔහු පවසනවා.

එහෙත් පසුගිය වසර  වසර  දෙකක කාලය තුළ  වසරකට වාර්තා වන  ළමා  පිළිකා  රෝගීන්ගේ සංඛ්‍යාව  900ක් දක්වා ඉහළ ගොස් ඇති බව යි පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

මෙලෙස වාර්තා වන  ළමා  පිළිකා  රෝගීන්  අතරේ  ලියුකේමියා,  මොළයේ  පිළිකා,  ඇස්,  වකුගඩු,  අස්ථී,  ස්නායු  ළමා  පිළිකා  රෝගීන් සිටින බව ද ඔහු පවසනවා.

අධික තරබාරුව, කෙටි ආහාර ගැනීම, පැණි බීම පානය, ක්ෂණික හා ටින් ආහාර වලට ඇබ්බැහි වීම ආදිය මීට ප්‍රබල හේතු ලෙස ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ජංගම දුරකතන වලට ඇබ්බැහි වීම ද ළමා පිළිකා රෝගීන්ගේ වර්ධනයට බලපා ඇති තවත් සාධකයක් බව යි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරන්නේ.

තව ද විවිධ වූ පිළිකා  තත්ත්වයන්ගෙන්  දරුවන්  මුදාගැනීමට  දරුවකු  ඉපදී පළමු මාස 6 තුළ දී මව්කිරි පමණක් ලබාදීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

එපමණක් නොව දරුවන් නොයෙක් ක‍්‍රියාකාරකම්වලට සහ ව්‍යායාම සඳහා යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

දරුවන්ට එළවළු, පලතුරු ඇතුළු ස්වභාවික ආහාර ලබාදීම පිළිකාවෙන් මුදා ගැනීමට ඉතා වැදගත් වනු ඇති බව යි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දා යෙදී තිබුණු ලෝක පිළිකා දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Share with your friends :