27 C
Colombo
19/01/2025

Taylor Swift ග්‍රැමී සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරයි

Share with your friends :

Taylor Swift මෙම වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ ඇල්බමයට අයත් සම්මානය ලබා ගනිමින් ජයග්‍රාහී කඩඉමක් පසු කිරීමට සමත් විය. සිව් වතාවක් වසරේ ඇල්බමය සඳහා වූ සම්මානය ලබා ගනිමින්, ඇය පිට පිටම මෙම සම්මානය ලබා ගත් කළ පළමු ගායිකාව බවට පත් විය.
ස්විෆ්ට් මීට පෙර Stevie Wonder, Paul Simon සහ Frank Sinatra සමඟ හොඳම ඇල්බම ජයග්‍රහණ තුනකට සමපාත විය.

66 වැනි ග්‍රැමී සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර උත්කර්ශවත් ලෙස පැවැත් විය.

මෙහිදී කාණ්ඩ 94ක් යටතේ සම්මාන ප්‍රදානය කර ඇත.

Miley Cyrus සහ Billie Eilish යන තාරකාවන් දෙපළ ද ග්‍රැමී සම්මාන උළෙලේදී අනෙකුත් ඉහළම සම්මාන ලබා ගත් අයවලුන් විය.
ලොස් ඇන්ජලීස් හි පැවති මෙම ග්‍රැමී සම්මාන උළෙල ගැහැණු ආධිපත්‍ය වපුරාලීමට මෙවර සමත් විය.

R&B තරු SZA සහ Victoria Monét ද සම්මානලාභිනියන් වූ අතර සංගීතමය ජවනිකාවකින් වේදිකාව කුල්මත් කිරීමට Tracy Chapman සහ Joni Mitchell සමත් විය.

2024 ග්‍රැමී සම්මාන උළෙලේ දී ඉන්දීය බෙර වාදක සකීර් හුසේන් සහ බටනාලා වාදක රාකේෂ් චෞරාසියා “Best Global Music Performance” සම්මානයට පාත්‍ර වී තිබේ.

ඒ ඔවුන්ගේ “Pashto” නම් ගීතය වෙනුවෙනි.

එමෙන්ම සකීර් හුසේන් ප්‍රමුඛ ශක්ති නම් සංගීත කණ්ඩායම “Best Global Music Album” සම්මානය ද දිනාගත්තේය.

එහි සංගීත ශිල්පී ලෙස ශංකර් මහදේවන්, වායලින් වාදක ලෙස එල් ශංකර්, බෙර වාදක වික්කු විනයක්‍රම් සහ ගිටාර් වාදක ලෙස බ්‍රිතාන්‍ය ජෝන් මැක්ලෝලින් කටයුතු කර තිබේ.

වසරේ ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ් (Billie Eilish) දිනාගත්තේ Baby සිනමාපටයේ එන What Was I Made For? ගීතය සඳහායි.

වසරේ ගීත ඇල්බමයට හිමි සම්මානය හිමිවුණේ ටේලර් ස්විෆ්ට්ගේ (Taylor Swift) Midnights ඇල්බමයටයි.

මේ අතර වසරේ හොඳම ගීත නිර්මාණය වූයේ මයිලි සයිරස්ගේ (Miley Cyrus) Flowers නම් ගීතය යි.

සංගීත ක්ෂේත්‍රෙය් සුපිරි තරු රැසක් එම අවස්ථාවට සහභාගි විය.

Share with your friends :