27 C
Colombo
19/01/2025

CEB මිල අඩු කිරීම කල් යයි

Share with your friends :

ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු අඩු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් ගනිමින් මාස්පතා අධික ලාභ ලබමින් සිටී.
ලංවිම පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත. එසේම, සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500ක් සහ අතිරේක වියදම් හැටියට රුපියල් කෝටි 20,000ක් ද හදිසි මිලදී ගැනීම්වලට තවත් විශාල වියදමක් ද එකතු කර ඇත.

අවම ඒකක භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා 2022 ජුනි මාසයේදී රුපියල් 4.60ක් වූ ඒකකයක මිල එම වසරේ සැප්තැම්බරයේදී රුපියල් 12.13ක් දක්වාත්, 2023 වසරේ පෙබරවාරියේදී රුපියල් 15.40ක් දක්වාත්, ඉන් පසුව අවස්ථා තුනකදී පිළිවෙළින් රුපියල් 36.15 (මාර්තු), රුපියල් 48.15 (අප්‍රේල්) සහ රුපියල් 47.10 (ජුනි) දක්වාම ලංවිම මගින් වැඩි කරනු ලැබීය. ඒ අනුව, ප්‍රතිශතයක් වශයෙන් වැඩි වීම සැලකුවොත්, 2022 සැප්තැම්බරයේදී සියයට 263ක් දක්වාත්, 2023 පෙබරවාරියේදී සියයට 334ක් දක්වාත්, මාර්තුවේදී සියයට 785ක් දක්වාත් වැඩි කර තිබෙන අතර, අප්‍රේල් මාසයේදී සියයට 1,054ක් දක්වාත්, ජුනි මාසය වන විට සියයට 1,023ක් දක්වාත් වැඩි කර තිබේ.

Share with your friends :