27 C
Colombo
18/01/2025

කොළඹ කුලී නිවසක සිට යාපනයට ගහලා! ප්‍රභාකරන්ගේ රහස් එළියට!

Share with your friends :

යාපනය ප‍්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු අපරාධ සහ කප්පම් ගැනීම් සිදුකරන ආවා කල්ලියේ නායකයා ලෙස සැලකෙන කියන ප‍්‍රභාකරන් නොහොත් “ප‍්‍රභා” අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඔහු විදෙස් රටකට පලායෑම සඳහා ගල්කිස්ස, යසෝරාපුර ප‍්‍රදේශයේ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නිලධාරීන් යොදවා සිදුකළ අධීක්‍ෂණ රාජකාරියකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රභාකරන් කෞඩිකන් නොහොත් “ප්‍රභා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු ආවා කල්ලිය තුළ හඳුන්වා ඇත්තේ “කොයින්සි තම්පා” යන නමින්.

කල්ලිය තුළ ඔහුගේ සංකේත අංකය 001 බව වාර්තා වනවා.

යාපනය අර්ධද්වීපය තුළ මොහු විසින් මෙහෙයවා සිදුකරන ලද විවිධ අපරාධවලට අදාළව යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු 02 ක් සහ මල්ලාකම් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වරෙන්තු 02 ක් ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

යාපනය අර්ධද්වීපය තුළ පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීම, මිනී මැරීමට තැත් කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයකුව සිටීම, වාහනවලට පහරදී අලාභ හානි කිරීම, කප්පම් ගැනීම ඇතුළු චෝදනා රැසකට තෙලිප්පලෙයි, චුන්නාකම්, මානිප්පායි, යාපනය සහ කිළිනොච්චිය යන පොලිස් ස්ථානවල මොහුට විරුද්ධව පැමිණිලි පවතියි.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා යශෝරාපුර ප‍්‍රදේශයේ නිවසක් රු. 25,000 කට කුලියට ගෙන රැඳී සිට, අවශ්‍ය වූ විට යාපනයට ගොස් අපරාධ සිදුකර නැවත ගල්කිස්සට පැමිණ ඇති බවයි.

මොහු සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 300 ක් ද සොයාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා විට ආවා කල්ලියේ ලාංඡනය ඇතුළත් පත්‍රිකාවක් ද ඔහු වෙතින් සොයගෙන තිබෙනවා.

මොහු 25 වැනි වියෙහි පසුවන්නෙකු බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share with your friends :