“උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.
හිටපු ඉඩම් අමාත්‍ය,සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ සහභාගී විය
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූහ.
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.