27 C
Colombo
19/01/2025

අනුර කුමාර-ජයිෂන්කර් හමුවේ

Share with your friends :

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයිෂන්කර් මහතා හමුවී තිබේ.

අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද සාකච්ඡාවක් පැවැත්වූ බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග, ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබේ.
ශ‍්‍රී ලංකාව සැමවිටම ඉන්දියාවේ විශ්වාසන්තක මිතුරකු සහ විශ්වාසවන්ත හවුල්කරුවකු වනු ඇති බවත් ඔහු පවසා අත.
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Share with your friends :