27 C
Colombo
18/01/2025

රනිල් අකමැති රහස පොහොට්ටු ප්‍රබලයා මූණටම කියයි

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට නොහැකි බව ඔහු වෙත පැවසූ බව යි.

සාගර කාරියවසම් මහතා මේ බව අනාවරණය කර ඇත්තේ ජාතික පුවත් පතක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින්.

පසුගිය 01 වැනිදා පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති  රැස්වීමේදී තමා මේ බව ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළ බවයි කාරියවසම් මහතා පවසන්නේ.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පවත්වා ඇති බව සඳහන්.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමතරව එම පක්‍ෂයෙන් වෙන්වී ගිය නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ටිරාන් අලස් ඇමතිවරයාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ සාමාජිකයන් ද සහභාගි වී ඇති බව වාර්තා වෙනවා.

අදාළ රැස්වීම අතරතුර ජනාධිපතිවරයා මෙම පිරිසගෙන් විමසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ යි.

එම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් ඒ සඳහා සර්ව පාක්‍ෂික සමුළු නොකැඳවා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමග වෙනම සාකච්ඡා කළ යුතු බවයි.

Share with your friends :