27 C
Colombo
18/01/2025

“තව මාස 6යි” – අනුර කුමාර ගැන රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Share with your friends :

පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සාදයකට සහභාගී වුණා.

සාදය පවත්වා තිබුණේ මෙරට අග‍්‍රගන්‍ය ජනාධිපති නීතිඥවරයකු වූ රොමේෂ් ද සිල්වාගේ පුත් ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා යි.

මෙම සාදයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු, අමාත්‍ය ටිරාන් අලස්, රුවන් විජයවර්ධන, සාගල රත්නායක, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල ද පැමිණ සිටියා.

දේශපාලනඥයන් හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමග ජනාධිපතිවරයා කතා කරමින් සිටි අවස්ථාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද අදහසක් මතු වූවා.

නීතිඥ දිනේෂ් විධානපතිරණ පැවසුවේ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නිසැකවම තීන්දුවක් ගනු ලබන බවයි.

ඒ අතර එම කතාබහට මැදිහත් වන්නට සුනිල් වටගල ද එතනට පැමිණි අතර ඔහු මෙලෙස පවසා සිටියා.

“ඔබතුමා ඉස්සෙල්ලාම පවත්වන මැතිවරණය ජනාධිපතිවරණය. ඒක කල් අරින්නේ නැතුව ඉක්මනින් තියන්න”

එයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසූවේ “ඔව්! ඔව්! නියමිත වෙලාවට මම ජනාධිපතිවරණය තියෙනවා. ඒක මම  ඔයගොල්ලන්ගේ අනුර කුමාරටත් කිව්වා. බලන්ඩකෝ! එයා ඒක මෙයාට කියලා නෑනේ” යනුවෙන්.

“ජනාධිපතිවරණය කවදා කිව්වත් ඔබතුමා තමයි දිනන්නේ” යනුවෙන් ජනාධිපතිවරයාට හිතවත් කිහිප දෙනෙකුම පැවසූ අතර එයට විරුද්ධ මතයක් පළ කළ සුනිල් වටගල ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“ඔව්! ඔයගොල්ලන්ට දැන් එහෙම පේන්න පුළුවන්. හැබැයි මහජනතාව ඡන්දය දුන්නට පස්සේ අපේ අපේක්ෂකයා තමයි ජයග‍්‍රාහකයා”

එහි දී ජනාධිපතිවරයා මඳ වේලාවක් නිහඬව සුනිල් වටගල දෙස බලා සිට ඉතා සෙමෙන් මෙසේ පැවසුවා.

“තව මාස හයයි! තව මාස හයකින් ඔයගොල්ලත් අපේ පැත්තේ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලෙස කියමින් සුපුරුදු ලෙස මහ හයියෙන් සිනාසීමටයි කටයුතු කළේ.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බොහෝ දෙනෙකු පැමිණි මෙම සාදය බොහෝ රෑ බෝවන තුරු නොව පසුදා පහන් වන තුරු පැවැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.


තවත් පුවත් > > >


Share with your friends :