වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරන පෙබරවාරි මස 07 වැනිදා දේශපාලන පිල් මාරුවක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එදිනට ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිල් මාරුව සිදුකරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මෙම කටයුත්ත සංවිධානය කරමින් ඇත.