හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඔහු වසර ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගැනීමට පෙර සිටම ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ සුගීෂ්වර බණ්ඩාර මහතායි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ඔහු සිය තනතුරින් ඉල්ලා අස් වී ඇත්තේ ක්රියාකාරී දේශපාලනයට පැමිණීමට බවයි.
ඔහු නිමල් ලන්සා සමග සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට සූදානම් වන බව ද පැවසෙනවා.
මේ අතර අනුර යාපා මන්ත්රීවරයාගේ නායකත්වයෙන් යුත් “නිමල් ලංසා පිල” තීන්දු කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරෙන නව සන්ධානය සමඟ ඒකාබද්ධ වීමට බව ද වාර්තා වූවා.
නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය කෙරෙන නව සන්ධානයේ ප්රධානත්වය හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලබාදීමට සෙසු පක්ෂ නායකයන්ද එකඟ වී ඇතැයි පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
තවත් පුවත් > > >