පසුගිය දා රිය අනතුරකට ලක් වී අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ පිළිබඳ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ඉහළ අවධානයට යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඇයව සිය පක්ෂයෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත් කිරීමට එලෙස අවධානය යොමුව ඇති බව යි පැවසෙන්නේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු තරුණ මන්ත්‍රී කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
එමෙන්ම අදාළ යෝජනාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මධ්‍යමකාරක සභාවට මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද ඉතා නුදුරේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා.
මෙම යෝජනාව සඳහා පක්ෂයේ ඉහළ නායකත්වයේ ද ආශිර්වාදය ලැබී ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.
හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳවන චමරි පෙරේරා නීතීඥවරියක් වන අතර මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණ හොත් එම ආරාධනාව භාර ගැනීමට සූදානම් බව ඇය පසුගිය දා සඳහන් කර තිබුණා.
තවත් පුවත් > > >