ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත්කර ඇත.අදාළ පත් කිරීම එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, පක්ෂයේ විධායක අධ්යක්ෂ ශමල් සෙනරත් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන මහත්වරුන් පත් කර තිබේ.