පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත.
බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
සමහර වෛද්‍ය ආයතන හිතූ හිතූ මිල ගණන් අය කරන බවට ජනතාව චෝදනා කරති.
මේ අතර පුද්ගලික රෝහල් ගණනාවක් වසර ගණනාවක් තිස්සේ රෝගීන්ගෙන් පාලන මිලට වඩා ඖෂධ සඳහා අයකර තිබේ. එවැනි සිද්ධියකට වරදකරු වුනු ආසිරි රෝහලට දඩයක්ද නියම විය.
මේ අතර ජනතාවගෙන් අයතා ලෙස මෙසේ අයකළ මුදල ආපසු ජනතාව වෙත ලබාදීමට තවමත් කිසිදු ක්‍රමවේදයක් සකස් කෙරෙන බවක්ද දැනගන්නට නැත.