27 C
Colombo
19/01/2025

පවුල් නවයක් අතර අවුරුදු පහකට වරක් මාරුවෙන මලයාසියාවේ රජකම

Share with your friends :

මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් පසුගියදා දිවුරුම් දුන්නේය.

රජු ලෙස දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය.ඔහු මලයාසියාවේ ධනවත්ම පුද්ගලයන්ගෙන් එක් අයෙකි.
මලයාසියාවේ රජ පවුල් නවයක් ඇති අතර අවුරුදු පහෙන් පහට මෙම පවුල් නවය අතර රාජ්‍යත්වය හුවමාරුවේ.

රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු රජයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයාය.

Share with your friends :