27 C
Colombo
19/01/2025

ටියුෂන් යන්න මුදල් නැති නිසා පාසල් දැරියක් දිවිනසාගෙන-මිල පාලනයක් වහාම ඕනෑ

Share with your friends :

බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ අයේෂා නමැති 16 හැවිරිදි පාසල් දැරියක් ටියුෂන් පන්තියට මුදල් ගෙවාගත නොහැකිව පසුගියදා සියදිවි නසා ගෙන තිබේ.
ටියුෂන් සඳහා කිසිදු මිල පාලනයක් නොපැවතීම නිසා ටියුෂන් ගුරුවරුන් සිත්සේ මුදල් අයකරන අතර මේ නිසා දරුවන්ට ටියුෂන් පන්ති යැවීමට නොහැකිව ලක්ෂ ගණනක් දෙමාපියෝ දැඩි ලෙස අසරණව සිටිති.
රටේ පවතින ආර්ථික අර්බුදය මේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කර තිබේ.
මේ නිසා මේ ටියුෂන් මාෆියාව වහාම පාලනයට නව නීති ගෙන එන ලෙසත් වහාම ගාස්තු පාලනය කරන ලෙසත් ටියුෂන් සඳහා විකල්ප හෝ සහනදායී ක්‍රමවේද ඇති කරන ලෙසත් ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
ටියුෂන් ගුරුවරු බලයට පත්වන සෑම රජයක් සමගම මැතිවරණ සමයේ ඇති කරගන්නා එකඟතා හේතුවෙන් කිසිදු රජයක් ටියුෂන් ගුරුවරුන් ගේ අයකිරීම් පාලනයට කිසිදු ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත.

Share with your friends :