27 C
Colombo
19/01/2025

චීන පෙම්වතියගේ කීමට උඩුමහලෙන් විසි කර සිඟිති දරු දෙදෙනා මරාදැමූ නරුම පියා

Share with your friends :

තම පෙම්වතිය හා විවාහ වීමට ඇය හා එක්ව තම පළමු විවාහයේ දෙදෙනා මහල් නිවාසයේ උඩු මහලේ නිවසේ ජනේලයකින් සිට බිමට විසි කල චීන ජාතිකයකුට හා ඔහුගේ පෙම්වතියට චීනය විසින් විෂ එන්නත් ලබාදීමෙන් මරණ දඩුවම ලබා දී තිබේ.

චීනයේ චොංකිං හි 15 වන මාලයේ නිවසේ ජනේලයෙන් මෙම සිඟිති දරු දෙදෙනා බිමට විසි කර ඇති බව අධිකරණයේදී හෙළි විය.මෙම දරුවන් වයස අවුරුදු දෙකක දියණියක් හා හා අවුරුද්දක් වයසැති සිඟිති පුතෙකි. මේ සිඟිති දරු දෙදෙනා නිසා තමන්ට නව ජීවිතයක් ආරම්භ කරන්නට නොහැකි වන බවට පෙම්වතිය දිගින් දිගටම පැවසීම නිසා අගේ බලකිරීම මත මෙසේ දරු දෙදෙනා විසි කල බව නඩු විභාගයේදී හෙළි විය.

ෂැං බෝ නමැති මේ දරුවන්ගේ පියා , යේ චෙන්චෙන් නමැති තරුණිය සමග අනියම් සම්බන්ධයක් ආරම්භ කර ඇත්තේ , ඔහු විවාහක දරුවන් සිටින පියෙකු බවට බව මුලදී වසන් කරමිනි. නමුත්, යේ චෙන්චෙන් මෙය පසුව දැනගත් අතර ඒ හේතුවෙන් දෙදෙනා අතර ගැටුම් ඇති වී තිබේ.
කෙසේ වෙතත් ෂැං 2020 පෙබරවාරි මාසයේදී තම පළමු බිරිඳ චෙන් මේලින් දික්කසාද කළේය. දරු දෙදෙනා ෂැං සහ පෙම්වතිය සමග වාසය කරන්නට පටන් ගත්හ.

එහෙත් පෙම්වතිය චෙන්චෙන් , ෂැංගේ දරුවන් දෙදෙනා තමන්ගේ විවාහ වීමට “බාධාවක්” ලෙසත්, “ඔවුන්ගේ අනාගත ජීවිතයට දරු දෙදෙනා බරක් බවත් දිගින් දිගටම පවසා තිබේ. කුඩා දරුවන් මරා දමන ලෙස ඇය නැවත නැවතත් ෂැංගෙන් ඉල්ලා සිටි අතර එසේ නොකළහොත් ඔහුගෙන් වෙන් වන බවට තර්ජනය කළාය.

චෙන්චෙන් සමඟ කුමන්ත්‍රණය කිරීමෙන් පසු, 2020 නොවැම්බරයේදී, ෂැං ඔහුගේ අවුරුදු දෙකේ දියණිය සහ අවුරුද්දක් වයසැති පුතා නිදන කාමරයේ ජනේලය අසල සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේ 15 වන මහලේ මහල් නිවාසයෙන් විසි කර ඔවුන් දෙදෙනාම මරා දමා තිබේ. ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුනේ තමන් නිදා සිටින අතර තුර දරුවන් ජනේලයෙන් බිමට වැටී ඇති බවකි.
කෙසේ වෙතත් දරු දෙදෙනාගේ මරණ වලින් පසුව ෂැං තමන් සිදු කල අපරාධය පිළිබඳව පසුතැවෙමින් හඬා වැළපුණු බවද CCTV දර්ශන වලින් හෙළිවී තිබේ.

ෂැං සහ චෙන්චෙන්ට 2021 දෙසැම්බර් මාසයේදී මරණ දණ්ඩනයට නියම විය. අභියාචනයක් ඉදිරිපත් වුවද අධිකරණය යලිත් මරණ දඩුවම සනාථ කරන ලදී.

මේ යුවලගේ අපරාධය “නීතියට සහ සදාචාරාත්මක පදනමට බරපතල ලෙස අභියෝග කර ඇති” බව චීන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ අපරාධ චේතනාව අතිශයින්ම නින්දිත බවත් කුරිරු බවත් නඩු තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ.

Share with your friends :