27 C
Colombo
18/01/2025

රට පුරා රෝහල් වෙත හමුදාව කැඳවයි

Share with your friends :

රෝහල්වල වැඩකටයුතු සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටින අතර මේ හේතුවෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

වර්ජනයත් සමග රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකට යි.

රෝගීන්ගේ අපහසුතා මගහැරවීම සඳහා මෙලෙස ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බව සඳහන්.

ඒ අනුව බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේවන විට රෝහල් 26ක් වෙත හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම, කෑගල්ල යන රෝහල් මේ අතරට අයත් වනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුධ හමුදාවේ 700කට ආසන්න භට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට තවත් අමතර භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Share with your friends :