27 C
Colombo
19/01/2025

ව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 52 ක් පිටරට රඳවලා-විජේදාස ගෙන් CBSLට චෝදනා

Share with your friends :

මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදේශීය රටවල රඳවාගෙන සිටින අමෙරිකානු ඩොලර් බිලියන 52ක මුදල සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව (CBSL) කිසිදු පියවරක් ගෙන නැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා ඇත්තේ පසුගියදා සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
“අපේ රටේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පිළිබඳ විශාල වශයෙන් විවේචන පවතිනවා ,ලංකා බැංකුව සහ මහජන බැංකුව එය ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කළේ නම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැන් තිබෙන ගැටලු ඇති වන්නේ නැහැ..රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ. ඒ කාලයේ පරාටේ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුවට හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පමණයි. නිදහස් ආර්ථිකය සමඟ මූල්‍ය ආයතන හා බැංකු හතු පිපෙනවා වගේ ඇති වුණා. මේ පරාටේ නීතිය අවභාවිත වෙනවා…”විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පරාටේ නීතිය සම්බන්ධයෙන් විශාල සංශෝධනයකට යා යුතු බවත් ඒ සඳහා නිර්දේශ සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවේ පනත සම්මත කර පරාටේ නීතිය පිළිබඳ නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

Share with your friends :