27 C
Colombo
18/01/2025

මියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනා

Share with your friends :

කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් ගාස්තු හා විවිධ ගාස්තු 2024 සඳහා විශාල වශයෙන් වැඩි කර තිබේ.
එහි වසරක් සඳහා වාර තුනක් ගාස්තු අය කෙරෙන අතර ඒ අනුව සිංහල මාධ්‍ය පන්ති සඳහා අවම වශයෙන් වාරයකට රුපියල් පහළොස් දහසක් ද , ඉංග්‍රීසි මාධ්‍ය (British Curriculum) සඳහා වාරයකට රුපියල් තිස් දහසක්ද වැඩි කර තිබේ.
එසේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගාස්තු (Day Care) රුපියල් 40,000 කට වැඩි මුදලකින් වැඩි කර තිබේ.
මීට පෙර අවස්ථා ගණනාවකදී ගාස්තු වැඩිකර තිබියදී මේ වසර යලිත් වරක් මෙසේ විශාල වශයෙන් ගාස්තු වැඩි කර තිබේ. රටම දැඩි ආර්ථික අර්බුදයක තිබියදී මේ වසරේ වැඩි කල ගාස්තු බොහෝ දෙමාපියන්ට දරා ගැනීම අපහසු බව දෙමාපියන් බොහෝ දෙනෙකු පවසති.
මියුසියස් ගුරුවරුන් සඳහා රජයේ සේවකයන් සඳහා රජය වැඩි කල රුපියල් දසදහස මියුසියස් කළමනාකාරිත්වය විසින් ලබාදී ඇතත් මෙවර ගාස්තු වැඩි කිරීම හරහා රුපියල් මිලියන සියයකට වැඩි ලාභයක් උපයා ගන්නට මියුසියස් කළමනාකාරිත්වය කටයුතු කර තිබේ.
ඒ පාසල් ගාස්තු වැඩි කිරීමෙන් ලබාගන්නා මුදල හා ගුරු වැටුප් සඳහා වැයවන මුදල සසඳා බැලු කල ලාභය මීටත් වඩා වැඩිය.මියුසියස් විද්‍යාලයේ ගුරුවරු 350 ක් පමණ සිටින අතර සිසුවියන් සංඛ්‍යාව හය දහසකි.
මේ අතර පාසලේ නව නිල ඇඳුම පාසලෙන්ම ලබා ගැනීම අනිවාර්ය වන අතර එයද සාමාන්‍ය වෙළඳපොල මෙන් දෙගුණයකට අලෙවි කෙරේ. පාසල් බෑග් ඇතුළු බොහෝ දේ වල තත්වය මීට දෙවෙනි නැත.
රටේ අනෙකුත් ජාත්‍යන්තර හා පුද්ගලික පාසල් ව්‍යාපාරික අරමුණු මුල් කරගෙන ඒ සඳහා ප්‍රාග්ධනය යොදවා ආරම්භ කලද මියුසියස් විද්‍යාලය එවැනි ව්‍යාපාරික අරමුණු මුලික කර ගෙන ආරම්භ කල එම ආයතනයක් නොවේ. මෙහි පාලක මණ්ඩලයට මේවා උරුමයෙන් ලැබුණු දේපල හෝ ඔවුන් විසින් උපයාගත් දේ නොවන අතර ඒ හේතුවෙන් මේ ආකාරයට රටේ පවතින තත්වයෙන් ප්‍රයෝජන ගෙන ලාභ ලැබීම අරමුණු කර ගෙන කටයුතු කල නොහැකි බව දෙමාපිය මතයයි.
මේ අතර මියුසියස් විද්‍යාලයේ භාරකාර මණ්ඩලය සහ කළමනාකාරීත්වය මෙම ඓතිහාසික පාසලේ භෞතික ව්‍යුහය වෙනස් කිරීම පමණක් නොව, බුදුදහම , බෞද්ධ දර්ශනය හා සිංහල සංස්කෘතිය මත පදනම්වූ වටිනාකම් ද වෙනස් කරමින් නිල ඇඳුමද වෙනස් කිරීමට මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවට මේ වන විට මියුසියස් දැරියන්ගේ දෙමාපියන් හා ආදි ශිෂ්‍යාවන්ගෙන් මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

සබැඳි පුවත්

මියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්…..
කොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්……
මියුසියස් ගුරුවරියන්ට කළමනාකාරිත්වයෙන් බලපෑම්……

 

Marie Musaeus Higgins (18 May 1855 – 10 July 1926) was a German educationist, best known as the founder and principal of Musaeus College in Colombo, Sri Lanka. She also authored several publications based on Buddhist and Sinhala cultural themes, including Poya Days in 1924. She is recognized as an important figure in the pre-independence Buddhist revival in Sri Lanka and a pioneer in female education in the country.

Share with your friends :