27 C
Colombo
18/01/2025
sri-lanka-parliament

ප්‍රනාන්දු සමුගනී – මැතිසබේ ලොකු පුටුවක වෙනසක්

Share with your friends :

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස කටයුතු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය රාජකාරී දිවියට සමු දී තිබේ.

ඒ ඔහු ඊයේ (30) දින සිය වසර ගණනක පාර්ලිමේන්තු සේවය නිමවා විශ්‍රාම යාමත් සමගයි.

ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවය වසර 42ක් වන අතර ඔහු මෙරට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස පත් වූයේ 2018 වසරේ දී යි.

ඒ මහතා මෙරට 6 වැනි වේත්‍රධාරීවරයා වන අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයෙකු ද වේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය සහ පාර්ලිමේන්තු අසිපත මීලඟ වේත්‍රධාරීවරයා වෙත භාර දීමට ඊයේ (30) කටයුතු කරන ලදී.

ඒ පාර්ලිමේන්තු සභා ගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී ය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න යන අය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුවේ මීළඟ වේත්‍රධාරීවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කුෂාන් සම්පත් ජයරත්න මහතා යි.

ඔහු අද (31) දිනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරීවරයා වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Share with your friends :