27 C
Colombo
18/01/2025

සනත්ගේ අඩුව පුරවන්න බිරිය?

Share with your friends :

දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ ඇතැයි අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සදහන් කරයි.

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතා සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි .

නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ තම සැමියා අමාත්‍ය ධුරයේ සිටියදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සිටිමින් කාන්තා සමිති 500 ක් සමග ඇය වැඩ කළ බවත් පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බලන බවද ඇය පැවසීය .

කෙසේ නමුත් තම ප්‍රධාන ඉලක්කය වන්නේ කුඩා වයසේ සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වැඩි කාලයක් යෙදවීමට බවද පැවසීය .

Share with your friends :