27 C
Colombo
20/10/2024

සඳ මතදී ජපන් යානය යලි ක්‍රියාත්මක වෙයි

Share with your friends :

විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි.
එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවත් සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බවත් එම ඒජන්සිය නිවේදනය කළේය.

එම සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල විය

එම යානය ජනවාරි 20 වනදා සඳ මත ගොඩබෑවේය.

ඒ සමගම සඳ මතට යානයක් යැවූ 5 වැනි රට බවට ජපානය පත්විය.

ඊට පෙර අමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය සහ ඉන්දියාව, සඳ මත යානයක් ගොඩ බැස්සවීමට සමත්විය.

Share with your friends :