27 C
Colombo
18/01/2025

මාලදිවයිනේ ජනපතිට එරෙහි දෝෂාභියෝගය සාර්ථකවන ලකුණු

Share with your friends :

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සඳහා ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාව එරට විපක්ෂය විසින් ලබා ගෙන තිබේ.
නොබෝදා මාලදිවයින් පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමෙන් පසු එරට ජනාධිපතිවරයාට එරෙහිව මෙසේ දෝෂාභියෝගය ගෙන ඒම ආරම්භ විය.

නොබෝදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයට පත්කරන ලද අමාත්‍යවරුන් කිහිපදෙනකුට අනුමැතිය ලබාදීම පිළිබඳ ඇතිවූ ගැටුමක් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීන් අතර ගුටි හුවමාරුවක් ඇති විය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් ඇත්තේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. හිටපු ජනාධිපති ඊබරහිම් මොහමඩ් සෝලි ගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 43 ක් හිමිය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ සන්ධානයට අයත් පක්ෂ වලට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන 19 ක් පමණි. තවත් හිටපු ජනාධිපතිවරයකු වන මොහමඩ් නෂීඩ් ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 13 ක් හිමිය. දෝෂාභියෝගය සඳහා අවශ්‍ය වන්නේ ආසන 87 ක් ඇති මාලදිවයින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණි.

මාලදිවයින් ජනාධිපති මුයිසු දැඩි ඉන්දියානු විරෝධියකු වන අතර ඔහු විසින් පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත් කරන ලද ඊබ්‍රහිම් සෝලි ඉන්දියානු හිතවාදියෙකි.නව ජනාධිපතිවරයා ධුරයට පත්වී ස්වල්ප දිනකින් ඔහු චීනයේ සංචාරයක ද නිරත වු අතර එමෙන්ම චීන ඔත්තු බලන නෞකාවක් බව පැවසෙන යාත්‍රාවක් ලබන පෙබරවාරි 8 වනදා මාලදිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

මාලදිවයිනේ දූපත් අතර සහන සේවා සහ හදිසි සේවා සඳහා ඉන්දියාව විසින් ලබාදී තිබෙන ගුවන් යානා හා හෙලිකොප්ටර් හැසිරවීම සඳහා එරට නවතා සිටි ඉන්දීය හමුදා සාමාජිකයන් මාර්තු 15 වනවිට ඉවත් කරගන්නා ලෙස ජනාධිපති මුයිසු පසුගියදා ඉන්දියාවට දන්වා ඇති අතර පසුගිය දිනවල ජනාධිපති මයිසුගේ සමීප ඇමතිවරුන් කීපදෙනෙකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හට අපහස කිරීමේ සිද්ධියක්ද ඉන්දියානුවන්ගේ දැඩි කෝපයට හේතුවී තිබේ.
මේ හේතු නිසා මාලදිවයිනේ සංචාරය කිරීමට ඉන්දියානුවන් අඩු කර ඇති අතර එහි වාසිය හිමිව ඇත්තේ ශ්‍රීලංකාවටය. එම නිසා මේ වන විට ශ්‍රීලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ ඉන්දියාවෙනි.

Share with your friends :