27 C
Colombo
20/10/2024

පෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්

Share with your friends :

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක් ඇති කර ගෙන තිබේ.
මෙම වෘත්තීය සමිති පසුගියදා ඒකාබද්ධ ප්‍රකාශයකටද අත්සන් තබා ඇත.
වරාය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, දුම්රිය, ටෙලිකොම් සහ බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් වෘත්තීය සමිති එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇත.ඉදිරියේදී ආණ්ඩුවේ පුද්ගලීකරණ වැඩපිළිවෙල පරාජය කරමින් වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කරන්නට මෙම වෘත්තීය සමිති අතර සාකච්ඡා වට කීපයක්ම පවත්වා ඇත.
මෙරට බලවත්ම වෘත්තීය සමිති සියයකට අධික සංඛ්‍යාවක් මීට එක්ව සිටින බව පැවසේ.

Share with your friends :