27 C
Colombo
18/01/2025

ජනතාව නොමරා මරණ ආණ්ඩුව ජනතා ඡන්දයෙන් ගෙදර යනවා-සජිත්

Share with your friends :

රනිල් – රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පස්වරුවේ පැවසීය.

ආණ්ඩුවට විරෝධය දක්වමින් සමඟ ජන බලවේගය කොළඹදී අද (30) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පාක්‍ෂිකයන් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් සහ රාජ්‍ය භිෂණයෙන් ජනතාව තලා පෙළා තිබෙන වර්තමාන ආණ්ඩුව මූනිස්සන්වලින්, කඩුවෙන් හෝ බෝම්බයෙන් නොව ජන බලයෙන් සහ ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යවන බව කී ප්‍රේමදාස මහතා 2022 වසරේ රට විනාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කර ප්‍රජාත්‍රවාදයේ මහා විප්ලවාදියා යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවට වැඩි කලක් පාලනයේ සිටීමට අවස්ථාව නොදෙන බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරා ජනතාවට කළ හැකි අමානුෂිම පීඩනයට ඇඳදමා ඇති බවත් ලක්‍ෂ 220 ක් ජනතාව හාමතේ සහ කුසගින්නේ තබන තුච්ච ආණ්ඩුවක් බවත් ඒ මහතා කීය.

මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භයක් පමණක් බවත් කී සජිත් ප්‍රේමදාස මහතා හැකි ඉක්මණින් මැතිවරණයක් දෙන ලෙස රාජපක්‍ෂලාගේ රූකඩ ජනාධිපතිවරයාට බල කරන බව ද සදඟන් කළේය.

ඔලු ගෙඩි සෙල්ලම් වලින් හෝ රට විනාශ කළ රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොව සමඟ ජනබලවේගය ජනතා ආශීර්වාදයෙන් බලයට එන බවත් පිට කොන්දක් නැති රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹට පැමිණි ජන ගංගාවට බය වී ඇති බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවේ අත කොළු පෙරවරුවේ අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගෙන ඇති බව කී ප්‍රේමදාස මහතා එවැනි නියෝග තිබුණත් පෙළපාලියෙන් පාරේ ඇවිද්දේ නීති කඩකිරීමට නොවන බව ද සඳන් කළේය.

කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව පෙළපාලියට පැමිණි දසදහස් ගණනක ජනතාවගේ මානව අයිතිය අමු අමුවේ උල්ලඝණය කළ බවත් රනිල්ට – රාජපක්‍ෂ ආණ්ඩවට කොන්දක් තිබේ නම් මැතිවරණයකින් ජනතාවට අතර එන ලෙස අභියෝග කරන බවත් කීය.

සමඟි ජනබලවේගය රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොමැති බවත් වේදිකාවේ මහ දවල් විවේචනය කර රාත්‍රී කාලයේ ඩීල් දාන දෙබිඩි කණ්ඩායමක් නොවන බවත් ද ඔහු පැවසීය.

සමඟි ජන බලවේගය තුළ දවල් මිගෙල් රෑ දනියල් චරිත නොමැති බව කී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රට බංකොළෛාත් කළ පුද්ගලයන් එම පක්‍ෂයේ ආණ්ඩුවක් තුළ අනිවාර්යෙන් නීතිය හමුවට ඉදිරිපත් කර ලක්‍ෂ 220 ක් වන ජනතාවට සාධාරණය ඉටු කරන බවත්ය.

සමඟි ජන බලවේගයේ ජයසූරිය මහතා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් රට බංකොළොත් කළ ගෝඨභය, මහින්ද සහ බැසිල් යන රාජපක්‍ෂලාගේ ඇතුළු පිරිසගේ දුර්වල ආර්ථික කළමනාකරණය පිළිබඳව අධිකරණ තීන්දුවක් ගැනීම පිළිබඳව සතුටු වන බවත් සමඟි ජන බලවේගය ආණ්ඩු බලය ගැනීමට පෙර එය කළ බව ද අමතක නොකළ යුතු බවත් ඒ මහතා කීය.

සමගි ජන බලවේගයේ කොළඹදී පැවැත්වෙන විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී පොලීසිය විසින් අවස්ථා කිහිපයකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළේය.
සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

විරෝධතාවය අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.

Share with your friends :