27 C
Colombo
20/10/2024

එජනිස ලේකම් ධුරයෙන් අමරවීර – තිලංග දෙදෙනාම ඉවත්වෙයි ?

Share with your friends :

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් අද (30) උදෑසන එම ධුරවලින් ඉවත් වනු ඇති බව වාර්තා වේ.

පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී යෝජනා 03ක් සම්මත කරගෙන ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. බුලත්කොළේ ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්.”

Share with your friends :