27 C
Colombo
20/10/2024

උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු

Share with your friends :

උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇත.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන 5 වැනිදා පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසූයේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරන බවත් එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු දස දහසක් 2024 මුල් කාර්තුවේදීම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්ය.

Share with your friends :