ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වර්තමාන දේශපාලන තත්වය හා රටේ තත්වයත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවසේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත් කිරීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇතැයි ද දේශපාලන ක්ෂේත්රයේ කතාබහක් ඇතිවී තිබේ.
එම ප්‍රකාශයට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ශක්තිය මැන බැලීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමටද තීරණය කර ඇතැයි ද පැවසේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමද අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිතව ඇත.
next post