ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා භටයන් තිදෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාර සිරියානු දේශසීමාව අසල ප්‍රදේශයේදී සිදුව ඇත. මෙම ප්රහාරයන් ඉරානයේ රැකවරණය ලබන අන්තවාදීන් විසින් සිදු කර ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කළේය.
ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු මැද පෙරදිගදී මියගිය ප්‍රථම ඇමරිකානු හමුදා භට පිරිස මේ පිරිසයි.
ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
next post