කොළඹ රීඩ් ඇවනිවු හොකී ක්‍රීඩාංගනය හා මාතලේ කෘතීම හොකී ක්‍රීඩාංගනය සඳහා ආසියානු හොකී සම්මේලනයෙන් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා ඩොලර් ලක්ෂ දෙකක පමණ මුදලක් ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුදල් වලින් ජපානයේ පුද්ගලික ගිණුමකට බැර කිරීමේ උත්සහයක් ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
අදාළ ක්‍රීඩාංගන වල කෘතීම ටර්ෆ් වසර ගණනාවක් තිස්සේ අබලන් තත්වයේ පවතී. එම ටර්ෆ් වෙනුවට නව ටර්ෆ් දෙකක් ප්‍රදානයක් ලෙස ලබා දීමට මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පිහිටි ආසියානු හොකී සම්මේලනය කැමැත්ත පල කර තිබේ.
එහෙත් එම ප්රදානය ලබාදීමට අදාළ වියදම ලෙස ඩොලර් ලක්ෂ දෙකක පමණ මුදලක් කිසියම් පාර්ශවයක් ඉල්ලා ඇත්තේ ඊට අදාළ පරීක්ෂා කිරීම් , ගුවන් ටිකට්පත් ,හෝටල් ගාස්තු ආදී වියදම් සඳහාය.
අදාළ මුදල් ආසියානු හොකී සම්මේලනයේ තනතුරක් දරන පුද්ගලයකුගේ ජපානයේ ඇති පුද්ගලික ගිණුමකට බැර කරන්නට
උත්සහයක් පවතින අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් විරෝධය පල කර ඇත්තේ එය නීති විරෝධී බව පවසමිනි.කෙසේ වෙතත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හෝ අදාළ කටයුත්ත කර ගැනීම සඳහා මේ වන විට පිරිසක් සුදානම් වන බව පැවසේ.
මේ තරම් විශාල මුදලක් පුද්ගලික ගිණුමකට බැර කිරීම බරපතල වංචාවක් වීමට ඉඩ ඇති බවද ඒ සඳහා විරෝධය දක්වන පිරිස් පවසති.
previous post