සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කර ඇත.
මේ සම්බන්ධයෙන් පසුගිය 14 වනදා 1997 දුරකථන මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලක් මත සමනලවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදුකරන ලදී. පසුව සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙකු සහ එක් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකාර සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23, 24 සහ 25 වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අළුත්තරම, ඉමදුව හා කිතලව ප්‍රදේශයවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.