සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර හයිද්රබාද් හි රජීව් ගාන්ධි ක්රීඩාංගනයේදී පැවති ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 28 ක තියුණු ජයක් වාර්තා කරන්නට එංගලන්තය සමත් විය.මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 246 කට දැවී ගිය අතර ඉන්දියාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී 436ක් ලබා ගත්තේ ලකුණු 190 ක වැඩි ලකුණු ප්රමාණයක් අතැතිවය. එංගලන්තය දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 420 ක් ලබා ගත්තේ ඔලී පෝප් ලබා ගත් ලකුණු 196 ට පින්සිදුවන්නටය. ඒ අනුව ලකුණු 231 ක පහසු ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ලකුණු 202 කට දවාලන්නට එංගලන්තය සමත් විය.මෙහිදී එංගලන්තය වෙනුවෙන් සිය පළමු ටෙස්ට් ක්රිකට් තරගය ක්රීඩා කල දඟ පන්දු යවන ටොම් හාට්ලි ලකුණු 62 කට විකට් 7 ක් දවා ගනිමින් ඉන්දියාව අසරණ කරන්නට සමත් විය.
මේ අනුව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 5-1 ලෙස ඉදිරියට එන්නට එංගලන්තය සමත් වුහ.