27 C
Colombo
19/01/2025

මොනාලිසාට සුප් ප්‍රහාරයක්

Share with your friends :

ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙකි.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ වෙඩි නොවදින වීදුරු ආවරණයක ආරක්ෂාව ඇති නිසා සිතුවමට හානියක් විය නොහැකි බවය.

මෝනාලිසා සිතුවම, ප්‍රදර්ශනයට තබා ඇත්තේ වෙඩි නොවදින අධි ආරෙක්ෂක වීදුරු කුටියක් තුළය. එහෙයින් සිතුවට කිසිදු හානියක් සිදු නොවිණි.
විරෝධතාකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණි.

16 වැනි සියවසට අයත් මොනලිසා සිතුවම ලොව වැඩිම ජන ප්‍රසාදයට ලක්වූ සිතුවම ලෙස සැළකෙයි.

Share with your friends :