27 C
Colombo
19/01/2025

මුහුදේ පාවෙන සුපිරි නගරය Icon of the Seas

Share with your friends :

ලොව විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas’ මංගල ගමන ඇමරිකාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර ඇත.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින් ගමන් ඇරැඹූ Icon of the Seas, නෞකාව, සත් දිනක් කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදේ චාරිකා කරනු ඇත.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365 ක දිගින් යුක්තය. මෙය තට්ටු 20 කින් සමන්විතය. උපරිම වශයෙන් මගීන් 7,600 කට එහි ගමන් කළ හැකිය. මෙම අධි සුඛෝපබෝගී නෞකාව පාවෙන නගරයක් බඳු යැයි පැවැසෙයි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 7කි.

මෙම යාත්‍රාව බලගන්වන්නේ ද්‍රව ස්වභාවික වායු (LNG) මගිනි.
නමුත් මේ වනවිට, LNG බලයෙන් ක්‍රියාත්මක වන මෙම නෞකාවෙන් විභව මීතේන් විමෝචනය පිළිබඳ කනස්සල්ලක් මතු වී තිබේ. මෙවැනි තත්ත්වයක් පරිසරයට තර්ජනයක් වන බව පරිසරවේදීහු අනතුරු අඟවති.මෙම නෞකාව, සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සාගර විද්‍යාඥයන් අදහස් දක්වා ඇත්තේ අප්‍රසාදයෙනි.

පිරිසිදු ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ICCT) සමුද්‍ර වැඩසටහනේ අධ්‍යක්ෂ බ්‍රයන් කොමර්, ඊට විරෝධය පළ කරමින් “එය වැරදි දිශාවකට ගත් පියවරක්” බව ප්‍රකාශ කළේය.

කොමර් ට අනුව, LNG සමුද්‍ර ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම සාම්ප්‍රදායික සමුද්‍ර වායු තෙල් වලට වඩා සියයට 120කට වඩා වැඩි ජීවන චක්‍ර හරිතාගාර වායු විමෝචනයකට හේතු විය හැක.

Share with your friends :