බැංකු පොලී අනුපාත අඩු නොකරන බැංකුවලින් නිදහසට කරුණු විමසා ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් අඩු කළ පොලී අනුපාත අනුව කටයුතු කරන ලෙස බැංකුවලට කළ දැන්වීම අනුව බොහෝ බැංකු කටයුතු කර ඇති බව පෙන්වා දුන් අධිපතිවරයා ඇතැම් බැංකු එය ක්රියාත්මක කරමින් සිටින බවත් පවසයි.
එහෙත් ඇතැම් බැංකු ඒ පිළිබඳව මේ වනතෙක් කටයුතු නොකිරීම නිසා මෙසේ නිදහසට කරුණු විමසා ඇතැයි ද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති අසීරුතා පිළිබඳව පොලී අනුපාත කඩිනමින් අඩු කරනු පිණිස එසේ කටයුතු කර ඇතැයි ද අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.