27 C
Colombo
24/11/2024

අවසන් තීරණයක් නැහැ-ජනතා ප්‍රශ්න විසඳෙන ක්‍රමයකට මුල් තැන-ඩලස් අලහප්පෙරුම

Share with your friends :

ඉදිරි මැතිවරණ සඳහා කවර පක්ෂයක් හෝ සන්ධානයක් සමග එක්ව කටයුතු කරන්නේදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා channelnewslanka වෙත පැවසීය.
UNP සහ පොහොට්ටුව හැර අනෙකුත් ප්‍රධාන පක්ෂ කීපයක් සමග රටේ සහ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙලකට එක්වීම සඳහා සාකච්ඡා පැවැත්වූ බවද ඒ මහතා සඳහන් කළේය.
එම සාකච්ඡා මැතිවරණ වලට තරග කිරීම හෝ තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් නොව ඊට වඩා පුළුල්ව , මේවන විට රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් එක්කර ගෙන ජනතා ප්‍රශ්න විසඳීම සඳහා වන වැඩපිළිවෙලකට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Share with your friends :