27 C
Colombo
02/11/2024

රතු මුහුදේ ඉන්ධන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

Share with your friends :

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු Marlin Luanda නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ හූලි කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගින්නක් හට ගෙන තිබේ.
මෙම නෞකාව මාර්ෂල් අයිලන්ඩ්ස් හි ලියාපදිංචි එකකි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.
වෙළෙඳ නෞකාවලට යේමනයේ හූලි කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර නිසා ගෝලීය නෞකා ප්‍රවාහන කටයුතුවලට එල්ල වී ඇති බලපෑම සුවිශාලය.මේ නිසා අපනයන මත පදනම් වූ චීන ආර්ථිකයකටද අහිතකර ප්‍රතිඵල අත්කර දීම නිසා ඒ අනුව හූති කැරලිකරුවන් රතු මුහුදේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා චීනය ඉරානයෙන් උදව් ඉල්ලා තිබේ.
නෞකාවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා හූති කැරලිකරුවන්ට බලපෑම් කරන ලෙස චීන බලධාරීන්, ඉරානයෙන් ඉල්ලා ඇත.
ඉරානය හූති කැරලිකරුවන් ඇතුළු මැදපෙරදිග සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වන බව පැවසේ.
විශේෂයෙන් ඊශ්‍රායලය සහ බටහිර විරෝධී කණ්ඩායම්වලට ඉරානයේ අවි සැපයුම් සිදුවේ.

Share with your friends :