යුක්රේන යුද්ධයට යවන ලද රුසියානු සොල්දාදුවන් වහාම යලි ගෙන්වන ලෙසට බල කරමින් ඔවුන්ගේ බිරින්දෑවරුන් , මව්වරුන් හා සහෝදරියන් ඇතුළු කාන්තාවන් රුසියාවේ මොස්කව් නුවර විරෝධතා ආරම්භ කර තිබේ.
දැඩි නීති නිසා සාමාන්‍යයෙන් රුසියාවේ රජයට එරෙහිව මේ අන්දමේ විරෝධතා පවත්වන්නේ නැත. ඉදිරියේදී රුසියානු ජනාධිපතිවරණයද පැවැත්වේ. මේ වන විට පුටින් හට තිබුණු ජනප්‍රියතාවය අඩුවෙමින් පවතී. යුක්රේන යුද්ධයට මෙන්ම රුසියාව අනාරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධය පුටින් වෙත එල්ලවෙමින් පවතී.
මේ කාන්තාවන් පිරිස පුටින් ඇතුළු රුසියානු බලධාරීන් ප්‍රසිද්ධියේ විවේචනය කරති. 2022 සරත් සෘතුවේ දී යුක්රේනයේ යුද්ධය සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් බලමුලු ගන්වන ලද 300,000 ක් පමණ වන සොල්දාදුවන් හා ඔවුන්ගේ සහායක බල ඇණි අතර ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද වෙති.
” එයාලට ගෙදර යන්න ඕන.අපගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ගේ හමුදා රාජකාරිය ඉටු කළ බව සලකන්නේ කවදාද?” “අත් පය නැති ඔවුන්ව ආපහු ගෙනත් දෙන්නේ මොකුත් කරගන්න බැරි උනාමද? නැත්තං මිනී පෙට්ටිවල දාලා ආපහු යවනකම් බලාගෙන ඉන්න ඕනෙද?” ඔවුහු ප්‍රශ්න කරති.
මෙම කාන්තාවන් සමාජ මාධ්‍ය හරහා මුණගැසුණු අතර මේ වන විට තම අදාරනීයයන් ආපසු නිවෙස් වෙත හෙන්වා ගැනීම සඳහා වන කණ්ඩායමක් ද පිහිටුවා ගෙන ඇත.