27 C
Colombo
19/01/2025

වෘත්තීය සමිති මර්දනයට අගමැති දිනේෂ්ගේ විරෝධය

Share with your friends :

රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජාතික ආර්ථිකයට වැඩියෙන් දායක වන අයට වඩා අඩුවෙන් දායක වන අය වැඩි වරප්‍රසාද ලබන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකා සමාජවාදී කම්කරු සමිතියේ පනස්වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

මෙම සැමරුම් උත්සවය කෝට්ටේ නගර ශාලාවේදී පැවැත්විණි.

“දේශපාලඥයින් සහ වෘත්තීය සමිති ගැටෙන්න අවශ්‍ය නැහැ.ගැටලු නිරාකරණය කරගන්න අවශ්‍ය විශ්වාසය සහ විසඳා ගැනීමට මාර්ග නිර්මාණය කිරීමේ හැකියාව දේශපාලඥයින් සහ වෘත්තීය සමිති අතර තිබිය යුතුයි .

බොහෝ ගැටලු සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදීව හවුල් වී කටයුතු කිරීමෙන් නිරාකරණය කළ හැකියි යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා කීය.

Share with your friends :